• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් අරමුදල් සපයනු ලබන දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (CRIP) - තෝරාගත් මාර්ග සඳහා නායයෑම් වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීම, සැලසුම් සැකසීම සහ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ ‍ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙත ප්‍රදානය කිරීම

- දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ පිරිවැය දැරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ණය මුදලක් ලැබී ඇති අතර, බෑවුම් ස්ථාවරකරණ ආයෝජන සඳහා එම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 29 ක් වෙන් කර ඇත. ප්‍රවාහන අඛණ්ඩ උපවැඩසටහන යටතේ තෝරාගත් පහත සඳහන් මාර්ග ඔස්සේ බෑවුම් ස්ථාවර කිරීම, සැලසුම් සැකසීම හා විමර්ශනය කිරීම තෝරාගත් උපදේශකයකු විසින් සිදු කරනු ලැබීමට අපේක්ෂිතය.

* මහනුවර - මහියංගණ මාර්ගය (A 026)
* පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය (A 005)
* කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව මාර්ගය (A 004)
* කෑගල්ල - බුලත්කොහුපිටිය - කරවනැල්ල මාර්ගය (A 021)
* අවිස්සාවේල්ල - හැටන් - නුවරඑළිය මාර්ගය (A 007)

මෙයට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.