• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රධාන කාර්යාල සංකීර්ණය සඳහා ඉඩම් කැබලි දෙකක් ලබා දීම

- ගණකාධිකාරි වෘත්තීයට හා මූල්‍ය ක්ෂේත්‍රයට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය මඟින් ඉටු වී ඇති සේවාවන් සැලකිල්ලට ගෙන එම ආයතනය විසින් සංවර්ධනය කර දිගුකාලීන බදු පදනම මත භුක්ති විඳින කොළඹ 7, මලලසේකර මාවතේ පිහිටා ඇති ඉඩම් කැබලි දෙක නිදහස් දීමනාවක් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය වෙත වෙන් කර දීම පිණිස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.