• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියානු ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන අංග සම්පූර්ණ නව මාදිලියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විද්‍යාගාරයක් සහිත පන්ති කාමරයක් ස්ථාපිත කිරීම

- අතිගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා දකුණු කොරියාවේ සිදු කළ සංචාරයෙන් පසුව කොරියානු ජනරජයේ අධ්‍යාපන අමාත්‍යතුමා, කොරියානු ජනරජයේ පරිත්‍යාගයක් වශයෙන් අංගසම්පූර්ණ නවීන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ පන්ති කාමරයක් ‍හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය වෙත ලබා දීමට එකඟත්වය පළ කර ඇත. ඊට අදාළ කටයුතු කරගෙන යාම පිණිස අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.