• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘ජන සෙවණ’ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් වත්ත නිවාස යෝජනා ක්‍රමය සහ යක්කල වැරැල්ලවත්ත නිවාස යෝජනා ක්‍රමය (ලංකා ලෝහ සංස්ථාවේ ඉඩම)

- නිවාස ඒකක 924කින් සමන්විත හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් වත්ත නිවාස යෝජනා ක්‍රමය සහ නිවාස ඒකක 591කින් සමන්විත වැරැල්ලවත්ත නිවාස යෝජනා ක්‍රමය ආයෝජනය, නිර්මාණය හා ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිළිවෙළින් රුපියල් මිලියන 2659.2ක සහ රුපියල් මිලියන 1775.2ක කොන්ත්‍රාත්තු මුදලකට ප්‍රදානය කිරීම පිණිස සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් එම ව්‍යාපෘතිවල සියලුම අලෙවිකරණ කටයුතු කරගෙන යාම පිණිස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.