• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - අවිස්සාවේල්ල හා කොස්ගම ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය සහ ගලගෙදර හා මාවතගම ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

- ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඉහත ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා දේශීය බැංකු සමඟ ණය එකඟතාවන් හා බැඳුණු කටයුතු කරගෙන යාම පිණිස සහ 2016 වසරේ දී ව්‍යාපෘතිය නිම කිරීම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.