• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් රෙගුලාසි - 2015

- 2013 අයවැය කථාවේදී ප්‍රකාශයට පත් කළ පරිදි, රටේ වත්මන් අවශ්‍යතාවන්ට වඩා ගැ‍ළපෙන පරිදි සහ මූල්‍ය රෙගුලාසි අනුගමනය පහසු කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් මුදල් රෙගුලාසි තවදුරටත් සංශෝධනය කිරීමේ කාර්යය මහා භාණ්ඩාගාරය විසින් භාර ගන්නා ලදී. මෙම රෙගුලාසි මඟින්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යහපරිචයන් හා වගවීම ප්‍රවර්ධනය පිණිස සැලසුම්කරණය, අයවැය සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය, ගිණුම්කරණය, විගණනය හා වාර්තාකරණය ඇතුළු රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා බැඳුණු ක්ෂේත්‍රයන් හා සම්බන්ධ පුළුල් මූලධර්ම රාමුව හා මූලික රීති හඳුන්වා දෙනු ලැබේ. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරෙන දිනයක සිට 2015 දී බලාත්මක වනු ඇතැයි යන පදනම මත, මුදල් රෙගුලාසිවල ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ පුහුණු කිරීමේ ආයතනය වන ‘මිලෝදා’ මූල්‍ය අධ්‍යයන ආයතනය මඟින් පවැත්වීමට සහ ඊට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.