• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය පිහිටුවීම

- ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සේවා තවදුරටත් පුළුල් කිරීම මඟින් දකුණු, මධ්‍යම සහ නැඟෙනහිර පළාත්වල සිවිල් ශිෂ්‍යයින් සඳහා හා විදේශීය ශිෂ්‍යයින් සඳහා අධ්‍යාපන අවස්ථා සැලසීමේ අදහසින් එම විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය සූරියවැව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජිතය. මෙම දක්ෂිණ මණ්ඩපය 2014 සිට වසර 05 ක කාලයක් තුළ අදියර තුනකින් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ හා බැඳුණු කටයුතු කරගෙන යාම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.