• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාඋල නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම

- මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික, ප්‍රවාහන, සංචාරක, වාණිජ හා අනෙකුත් නාගරික සංවර්ධන කටයුතු සඳහා වන වැඩිවෙමින් පවතින ඉල්ලුමත් සමඟ, එම දිස්ත්‍රික්කයේ නාඋල නගරය, ‘ප්‍රාදේශීය නගර සංවර්ධන ව්‍යපෘතිය’ යටතේ සැලසුම්ගත නගරයක් ලෙස සංවර්ධනය කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබ ඇත. හෙක්ටයාර 6.7884 ප්‍රමාණයකින් යුතු ඉඩම නාඋල නගර සංවර්ධන ව්‍යාපෘතිය වෙත පවරා දීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.