• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවා ලීම පහසු කරලනු පිණිස ප්‍රතිසන්ධානය සඳහා වන විශේෂ කාර්යාංශයක් ස්ථාපනය කිරීම

- ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ජාතික ක්‍රියාකාරි සැලැස්මේ අන්තර්ගත උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසමේ (LLRC) නිර්දේශ 144 ක් ක්‍රියාවට නැංවීම පිළිබඳ සුපරීක්ෂණ කටයුතුවල නිරතව සිටින අතර, එකී නිර්දේශ අතුරින් 45 ක් ක්‍රියාත්මක කර අවසන් අතර 89 ක් ක්‍රියාත්මක මට්ටමේද 10 ක් ක්‍රියාවට නැංවීමේ මුල් අදියරේද පවතියි. LLRC නිර්දේශ ක්‍රියාවට නැංවීම සුපරීක්ෂණය කරන කමිටුවේ කාර්යභාරයට පහසුකම් සැපයීම පිණිස ජනාධිපති ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක වන, ප්‍රතිසන්ධානය සඳහා වන විශේෂ කාර්යාංශයක් ස්ථාපනය කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.