• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නෙළුම් කුලුන ආශ්‍රිතව ඉදි කිරීමට යෝජිත වෙළඳ සහ විනෝදාත්මක සංකීර්ණය

- බහුකාර්ය කුලුනකින් සහ විනෝදාස්වාදනීය මධ්‍යස්ථානයකින් සමන්විත මීටර් 350 ක් උසැති කොළඹ නෙළුම් කුලුන (CLT) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඉදි කරගෙන යනු ලැබේ. කොළඹ නෙළුම් කුලුනට යාබද ඉඩම වාහන නවතා තැබීමේ සංකීර්ණයක් ඇතුළු අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීම මඟින් සතුටු උයනක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත අතර කුලුනේ ව්‍යූහාත්මක වැඩ 2015 වර්ෂයේ ජූනි මස වන විට නිම කිරීමට අපේක්ෂිතය. ඉහත කාර්යය සඳහා, එකී යාබද ඉඩමෙන් අතිරේක ඉඩම් ප්‍රමාණයක් ලබාගැනීමට සහ ඊට අදාළ කටයුතු කරගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.