• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය අත්සන් කිරීම

- දිගු කාලයක් තිස්සේ පරිසරයට රසදිය මුදා හැරීම හේතුවෙන් ගෝලීය වශයෙන් මිනිසාගේ සෞඛ්‍යට සහ පරිසර පද්ධතියට අහිතකර බලපෑම් සිදුව ඇති බව නිරීක්ෂණය කර ඇත. ඉහත සම්මුතියේ ප්‍රධාන අරමුණ වනුයේ වාතයට, ජලයට සහ භූමියට රසදිය මුදා හැරීම අවම කිරීම මඟින් රසදියෙන් ඇති වන අහිතකර බලපෑම්වලින් මානව සෞඛ්‍ය සහ ගෝලීය පරිසරය ආරක්ෂා කිරීමය. ඉහත සම්මුතිය අත්සන් කිරීම සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.