• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රබර් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නව්‍යකරණ සහ සංවර්ධන ශක්‍යතාවන් වැඩිදියුණු කිරීම

- රබර් කර්මාන්තයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටු කිරීම පිණිස රබර් පර්යේෂණ ආයතනය 1909 වර්ෂයේදී පිහිටුවන ලද අතර, එය ලෝකයේ එවැනි ප්‍රථම ආයතනය වූ අතර එමඟින් ලෝකයේ රබර් කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබා දෙන අනගි දායකත්වය ලොව පුරා පිළි ගැනීමට ලක්ව ඇත. ආයතනයේ ශක්‍යතාවන් වැඩිදියුණු කිරීමේ අදහස ඇතිව නවීන පර්යේෂණාගාර සංකීර්ණයක් ස්ථාපිත කිරීමට යෝජිතය. මෙම යෝජිත පර්යේෂණාගාර සංකීර්ණය මඟින් කුඩා වතු හිමි ප්‍රජාව, මහා පරිමාණ රබර් නිපැයුම් නිෂ්පාදකයින්, රබර් ආශ්‍රිත වෙළඳ සමාගම්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ විද්වතුන් ඇතුළු රබර් ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂිතය. මෙයට අදාළ කටයුතු කරගෙන යාම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.