• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිද්දෙණිය - අඟුණකොලපැලැස්ස, වීරකැටිය, බරවාකුඹුක - රොටේ, දෙණියාය, ඌරුබොක්ක සහ මොරවක ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- ඉහත සඳහන් ව්‍යාපෘති මඟින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය - අඟුණකොලපැලැස්ස, බරවාකුඹුක - රොටේ සහ වීරකැටිය (මුරුතවෙල ජලසම්පාදන යෝජනා ක්‍රමය) යන දැනට පවත්නා ජලසම්පාදන යෝජනා ක්‍රම පුනරුත්ථාපනය කිරීම සහ මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය හා ඌරුබොක්ක ජලසම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීමත් දැනට පවතින ප්‍රාදේශීය සභා ජලසම්පාදන යෝජනා ක්‍රමය වෙනුවට නව ජලසම්පාදන යෝජනා ක්‍රමයක් මොරවක ඉදි කිරීමත් අපේක්ෂා කෙරේ. මෙයට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: