• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව මහ රෝහලේ සහ වැලිකන්ද මූලික රෝහලේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම

- පොළොන්නරුව සහ වැලිකන්ද රෝහල්වල සිදු කෙරෙන පහත සඳහන් ඉදි කිරීම් ව්‍යාපෘතිවලට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස සහ එහි ඉදි කිරීම් කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත පැවරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

පොළොන්නරුව මහ රෝහල: * බාහිර රෝගීන් සඳහා පහසුකම් සමඟින් රැඳී සිටීමේ කාමරයක් රු. 42,607,099.55ක පිරිවැයකින් ඉදි කිරීම;

* රු. 199,527,717.76 ක පිරිවැයකින් විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරින් සඳහා නිල නිවාස ඉදි කිරීම; සහ

* දැනට තිබෙන වෛද්‍ය නිලධාරි නිල නිවාස රු. 37,132,813.18 ක පිරිවැයකින් නවීකරණය.

වැලිකන්ද දිස්ත්‍රික් රෝහල:

* බාහිර රෝගීන් සඳහා පහසුකම් සමඟින් රැඳී සිටීමේ කාමරයක් රු. 18,682,176.45ක පිරිවැයකින් ඉදි කිරීම.