• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය (Gin ‑ Nilwala Diversion Project) ක්‍රියාත්මක කිරීම

- දීර්ඝ උපදේශාත්මක ක්‍රියාවලියකින් පසුව සහ ප්‍රදේශයේ බලපෑමට ලක්වන පුද්ගලයින් ප්‍රමාණය අවම කර ගනිමින් සැලසුම් කරන ලද ඉහත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමෙන් පහත සඳහන් ප්‍රතිලාභ අත්වනු ඇත:

* මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අතුරලිය, වැලිගම, මුලටියන, මාලිම්බඩ, තිහගොඩ, දික්වැල්ල සහ කිරින්ද-පුහුල්වෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පානීය ජලය සැපයීම;

* හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, ඔක්කාවල, බෙලිඅත්ත, අඟුණුකොලපැලැස්ස, සූරියවැව, හම්බන්තොට නගරය සහ අම්බලන්තොට ප්‍රදේශ වෙත පානීය ජලය සැපයීම;

* මහ හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත හා වාණිජ කෘෂිකර්මය සඳහා ජලය සැපයීම;

* හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට වගා කරනු ලබන ඉඩම් සඳහා යල-මහ දෙකන්නයෙහිම ජලය සැපයෙන බව තහවුරු කිරීම හා නව වගා බිම් හෙක්ටයාර 8,500 කට ජලය සැපයීම; සහ

* හම්බන්තොට දිස්ත්‍රික්කයේ භූගත ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශවල කෘෂිකාර්මික ඵලදායිතාව හා යහපත් පාරිසරික ප්‍රතිලාභ වැඩි වීම.

මේ හා බැඳුණු ඉදිරි කටයුතු කර ගෙන යාම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.