• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම - තාක්ෂණ නව්‍ය සොයා ගැනීම් මධ්‍යස්ථානය ඉදි කිරීම

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා අක්කර 48 ක භූමිභාගයක් හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් වෙන් කරනු ලැබ ඇති අතර, ජාතික විද්‍යා මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා වන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 419 ක් වන අතර එය 2014 සහ 2015 වර්ෂයන්හිදී අදියර 2 කින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙයි. ඇස්තමේන්තුවේ සඳහන් මිල ගණන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ස්ථාවර තාක්ෂණික කමිටුව විසින් අනුමත කරනු ලැබීමට යටත්ව, මෙම කොන්ත්‍රාත්තුව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත ප්‍රදානය කිරීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.