• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 එක්සත් ජාතීන්ගේ ඉ-සේවා සංවර්ධන දර්ශකයෙහි ශ්‍රී ලංකාවේ ස්ථානය

- ශ්‍රී ලංකාව 2014 වර්ෂයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉ-ආණ්ඩුකරණ සංවර්ධන දර්ශකය අනුව රටවල් 192 ක් අතරින් 74 වන ස්ථානය දක්වා ඉහළ නැඟ ඇති අතර, ඉ-ආණ්ඩුකරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීමෙහි නිරතව සිටින පුමුඛ රටවල් අතර ශ්‍රී ලංකාවද සිටියි. මෙම දර්ශකය සැකසී ඇත්තේ සිය සාමාජික රටවල ඉ-ආණ්ඩුකරණයෙහි තත්ත්වය තක්සේරු කිරීම පිණිස එක්සත් ජාතීන් විසින් සිදු කරන ලද සමීක්ෂණයක් ඇසුරිනි. 2014 වාර්තාව අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව සිටිනුයේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 44 ක් පසු පසින්ය. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා විසින් මෙම තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලදී.