• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හීලෑ අලි ලියාපදිංචිය හා නඩත්තුව පිළිබඳ රෙගුලාසි සකස් කිරීම

- ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන තුළ හා ඉන් බැහැරව ගෘහාශ්‍රිත තත්ත්වයන් යටතේ ආරක්ෂාවීම තහවුරු කිරීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ II කොටසෙහි ඇතුළත් කර ඇත. අංක 662/4 හා 1991‑05‑14 දින දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කෙරුණු රෙගුලාසි මඟින් හීලෑ අලි ඇතුන් සඳහා වන නීතිමය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරිණි. හීලෑ අලි ඇතුන්ගේ සුබසාධනය තහවුරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ අලි-ඇතුන් ගහණය සංරක්ෂණය කිරීම පිණිස පවත්නා රෙගුලාසි යථාවත් කිරීමට සහ ඒ හා බැඳුණු ක්‍රියාකාරකම් කර ගෙන යාම සඳහා වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය, ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.