• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සුරක්ෂිත දිනය සැමරීම -2014

- ස්වාභාවික ආපදාවන්ට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සහ ආපදා අවම කරගැනීමේදී සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අදහසින් මහජනතාවගේ සහභාගීත්වය ඇතිව සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සුරක්ෂිත දිනය සැමරෙයි. ‘සුරක්ෂිත ශ්‍රී ලංකාවක්’ ප්‍රධාන තේමාව යටතේ සහ ‘පෙළ ගැසෙමු මැඬලන්න ආපදා’ යන උපතේමාව යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වැඩසටහන් මාලාවක් පැවත්වීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අදහස් කරයි. මේ හා බැඳුණු කටයුතු කර ගෙන යාම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.