• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය සහ පාකිස්තානයේ පාකිස්තානු පරමාණුක ශක්ති කොමිෂන් සභාව අතර පරමාණුක ශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

- පරමාණුක ශක්තිය සාමකාමීව යොදා ගැනීම සම්බන්ධයෙන් ඉහත ආයතන දෙක අතර සහයෝගිතාව වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව දෙරට අතර ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.