• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නව පනත

- ශ්‍රී ලංකා පරමාණුක ශක්ති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සහ අනුමැතිය පිණිස එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය, ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. පනත් කෙටුම්පත මඟින් පහත ආයතන පිහිටුවීම සඳහා විධිවිධාන සැලසේ:

* ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය - ජාතික සංවර්ධන කාර්යයන් සඳහා න්‍යෂ්ටික විද්‍යාව සහ තාක්ෂණය උපයෝගි කරගැනීම ප්‍රවර්ධනය හා දිරි ගැන්වීම සඳහා; සහ

* ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව: අයනීකාර කිරණ හා සම්බන්ධ ක්‍රියාකාරකම් නියාමනය සහ ප්‍රභවයන්ගේ සුරක්ෂිත බව හා ආරක්ෂාව සඳහා.