• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් ස්ථාපනය කිරීම

- මිලාන් නුවර ඉතාලියේ ප්‍රධාන කාර්මික, වාණිජ හා මුල්‍යමය මධ්‍යස්ථානයයි. ඉතාලියේ කොටස් හුවමාරුව, ප්‍රධාන ජාතික බැංකුවල මූලස්ථාන සහ බහු ජාතික සමාගම් බොහෝමයක් මෙම කලාපයේ පිහිටා ඇත. ඉතාලිය සමඟ ශ්‍රී ලංකාව සිදු කරන වෙළඳ කටයුතුවලින් 75% කට වැඩි ප්‍රමාණයක් හසුරුවනු ලබන්නේ මිලාන්හි පිහිටි ඉතාලි සමාගම් මඟිනි. ශ්‍රී ලාංකික ප්‍රජාව මිලාන්හි වෙසෙන හයවන විශාලතම සංක්‍රමනික ප්‍රජාවයි. ඉතාලි බලධාරින්ගේ අනුමැතිය ලැබීමෙන් පසුව, ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම පිණිස සහ ඒ හා බැඳුණු කටයුතු කර ගෙන යාම පිණිස විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.