• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයක් ස්ථාපනය කිරීම

- ඉන්දියානු සාගරයේ අද්දර රටවල සංගමය (IORA) දැනට සාමාජික රටවල් 20 කින් සමන්විත වන අතර එමඟින් පොදු අභිලාෂයන් වර්ධනය කරගැනීම සඳහා, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත් කරගැනීම සඳහා, වෙළෙඳ හා ආයෝජනය පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙන්ම කණ්ඩායමේ රටවල් අතර කලාපය තුළ වෙළඳාම පුළුල් කර ගැනීම සඳහා උපරිම අවස්ථා සලසා දීම අරමුණු කරයි. දේශීය පාර්ශ්වකරුවන්, IORA ලේකම් කාර්යාලය සහ IORA සාමාජික රාජ්‍යයන් විමසමින් සහ ඔවුන්ගේ සහයෝගය ඇතිව සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ විධිවිධාන කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සහ ඒ හා බැඳුණු කටයුතු කර ගෙනයාම පිණිස විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.