• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලෝරුසියානු ජනරජය අතර ඇති කර ගන්නා ලද ද්විපාර්ශ්වික ගිවිසුම

- අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුම දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශවරුන් විසින් දැනටමත් අත්සන් තබනු ලැබ ඇත. මෙම ගිවිසුම මඟින් විමර්ශන කටයුතු සිදු කිරීම, නඩු පැවරීම, නඩු විභාග පැවැත්වීම සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් උද්ගත වන නීති කෘත්‍යයන් ඇතුළුව අපරාධමය කරුණු වලදී අන්‍යෝන්‍ය නෛතික සහාය ලබා දීම පිණිස දෙරටෙහිම පාර්ශ්වකරුවන් සඳහා ඉඩ සලසයි. ඒ අනුව, ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍යවරයා විසින් විධානයක් පනවනු ලැබ ඇත. මෙම විධානය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.