• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ භූගෝලීය දර්ශකවල ලබා දී ඇති ආරක්ෂාව වැඩි කර ගැනීම පිණිස 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම

- ශ්‍රී ලංකාවේ තේ සහ කුරුඳු නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ අභිලාෂයන් සුරක්ෂිත කිරීම උදෙසා රෙගුලාසි සැකසීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සඳහා සංශෝධනය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.