• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමුඛතා පදනම මත ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සපයනු ලබන නළ ජල සැපයුම් සේවා ආවරණ ප්‍රදේශය පුළුල් කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම

- රටෙහි සියලුම පළාත් ආවරණය කෙරෙමින්, දේශීය බැංකු මඟින් අරමුදල් සැපයෙන ජලසම්පාදන ව්‍යාපෘති 22ක් ක්‍රියාවට නැංවීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය කඩිනම් වැඩසටහනක් සකස් කර ඇති අතර 2015 වසරේ මාර්තු වන විට 1,50,000 ක පමණ ජනගහනයකට සුරක්ෂිත පානීය ජලය ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙම කාර්යයට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.