• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1958 අංක 29 දරන සත්ත්ව පනත යටතේ වන නියෝග අංක 22 අත්හිටුවීම

- මෙම නියෝගය මඟින් හඳුනා ගැනීමේ අංකයක් සහිත තහඩුවක් සෑම ගවයෙකුගේම කණේ අමුණමින් රජයේ පශු වෛද්‍ය නිලධාරිවරයකු විසින් සිදු කෙරෙන ගවයින් ලියාපදිංචි කිරීම සඳහා එක් සතෙකු සඳහා රුපියල් 20 ක ගාස්තුවක් නියම කරමින් රෝග පාලනය සඳහා හෝ අභිජනනය සඳහා හෝ සතුන් වෙන් කර හඳුනා ගැනීමේදී ගවයන් හඳුනා ගැනීමේ ක්‍රමය අතිමූලික වේ. සුළු පරිමාණ ගොවීන් මෙන්ම විශාල ගවපට්ටි හිමිකරුවන් ද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ සහයෝගය පළ නොකිරීම හේතුවෙන් ගවයන් හඳුනා ගැනීමේ වැඩටසහන සැලසුම් කළ පරිදි කර ගෙන තම දෙපාර්තමේන්තුවට අදාළ දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති අතර රජයේ කිරි පට්ටි සංවර්ධන වැඩසහටන්වලට එය බරපතල ලෙස බලපා ඇත. දැනට පවතින දුෂ්කරතාව මඟ හරවා ගැනීම පිණිස, නියෝග අංක 22 බලගැන්වීම අත්හිටුවීම මඟින් ගවයින් හඳුනාගැනීමේ වැඩසටහන වසර දෙකක (02) කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව කර ගෙන යාම සඳහා පශු සම්පත් හා ග්‍රාමිය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.