• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සරය සැමරීම

- ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුම‍ගේ 150 වන ජන්ම සංවත්සරය 2014 සැප්තැම්බර් මස 17 දිනට යෙදෙන අතර අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම දිනය “ධර්මපාල දිනය” ලෙසත් 2014 සැප්තැම්බර් මස 17 දිනෙන් ඇරඹෙන වර්ෂය “ධර්මපාල වර්ෂය” ලෙසත් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මෙම අවස්ථාව සැමරීම පිණිස අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රජයේ ආයතන සමඟ එක්ව, 2014 සැප්තැම්බර් 17 දින සිට ඇරඹෙන වර්ෂය පු‍රා වැඩසටහන් මාලාවක් පැවැත්වීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ගරු දි.මු.ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.