• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බැංකු ක්ෂේත්‍රයේ ඒකාබද්ධකරණයන්

- 2014 අයවැය යෝජනාවලදී ප්‍රකාශයට පත් කළ පරිදි ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා (DFCC) බැංකුවේ, DFCC වර්ධන බැංකුවේ හා ජාතික සංවර්ධන බැංකුවේ (NDB) යෝජිත ඒකාබද්ධකරණයට පහසුකම් සැපයීම පිණිස DFCC බැංකුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් සංස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ හා අනුකූලව මෙම සකස් කරන ලද අනුව කෙටුම්පත් පනත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීම සඳහා සහ එය නීතිපතිතුමාගේ නිෂ්කාශනයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.