• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගරු විපක්ෂ නායකතුමාගේ කාර්යාලය පිහිටි පරිශ්‍රය තුළ එතුමාගේ කාර්යාලය සඳහා අතිරේක ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- ගරු විපක්ෂ නායකතුමාගේ ‍ කොළඹ කාර්යාලය වශයෙන් දැනට පරිහරණය කෙරෙන කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරන පරිශ්‍රය තුළ එතුමාගේ කාර්යාලය සඳහා අතිරේක ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. මිල ගණන් ඉහළ යාම ආදිය හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් 28,400,000.00 සිට රුපියල් 56,280,036.49 දක්වා වැඩි කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.