• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව සහ විශ්වාසය ඇති කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නියාමනය කිරීම සඳහා යන්ත්‍රණයක් සැකසීම

- උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි නිර්දේශ මඟින් ප්‍රජාවන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සුවිශේෂ වශයෙන් අවධාරණය කර ඇත. මෙම ‍කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව රජයේ විවිධ ආයතන විසින් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ප්‍රජාවන් අතර සහජීවනය ශක්තිමත් කිරීම ඉලක්ක කර ගත් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම නිරීක්ෂණය සහ පහසුකම් සැපයීම පිණිස අතිගරු ජනාධිපතිතුමා මුලසුන දරන්නා වූ ද ගරු අමාත්‍යවරුන්ගෙන් සමන්විත වන්නා වූ ද, ප්‍රජාවන් අතර සමාජ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම; සහ

* මෙම අනුකාරක සභාවට සහාය වීම පිණිස උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු ඔහු විසින් මුලසුන දරනු ලබන සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත වන නිලධාරී කමිටුවක් පත් කිරීම.