• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීම

- තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය, තල්පිටිගලදී උමා ඔය හරහා මීටර් 45.7 ක් උස වේල්ලක් ඉදි කිරීමට අපේක්ෂා කරන අතර ජලාශය ඝන මීටර මිලියන 15.6 ක ධාරිතාවකින් යුක්ත වනු ඇත. එය වර්තමානයේ වෙල ඔයෙන් හා පරිපූරක වශයෙන් උමා ඔය හැරවුමෙන් ජලය ලබා දෙන බත්මැඩිල්ල යෝජනා ක්‍රමයේ හෙක්ටයාර 810 කට සැපයෙන වාරි ජලය වැඩි වනු ඇත. එමඟින් මිනිපේ හා බත්මැඩිල්ල අමුණු ව්‍යාපාරයන්හි පහළ ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සහ වාරි ජල අවශ්‍යතා සැපයීම ද සහතික වනු ඇත. ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 2x7.5 ක ධාරිතාවයක් සහිත ජලවිදුලිබලාගාරයක් ඉදි කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් වාර්ෂිකව උත්පාදනය කෙරෙන ගිගාවොට් 51 ක ජල විදුලිබලය ජාතික විදුලිබල පද්ධතියට එකතු වනු ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ඉදි කිරීම් කාර්යයන් ප්‍රදානය කිරීම සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.