• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
94. 2015 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත

- මහා භාණ්ඩාගාරය විසින් අමාත්‍යාංශ, පළාත් සභා සහ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ අයවැය සකස් කිරීමට අදාළ සාකච්ඡා පවත්වන ලද අතර, ඒ අනුව, ප්‍රයෝජනයට ගත හැකි මුළු මූල්‍ය සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් ඉහත සාකච්ඡාවලදී හඳුනාගනු ලැබූ ප්‍රමුඛතාවන් මත පදනම්ව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන කාර්යයන් නියමිත කාලය තුළ නිම කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් මධ්‍යකාලීනව ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනා ගෙන ඇති නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2015‑2017 මධ්‍යකාලීන රාමුව තුළ පවතින සියලු සම්පත් සැලකිල්ලට ගෙන අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත. 2015‑2017 මැදි කාලය තුළ 2015 වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත මුළු ආදායම රුපියල් බිලියන 1,713 ක් වන අතර 2015 වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් බිලියන 3,053 කි. 2015‑2017 මැදි කාලය යටතේ 2015 වර්ෂයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත මුල්‍ය ඉලක්ක පහත පරිදි වේ.