• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර ද්විපාර්ශ්වික ගිවිසුම

- සාපරාධී කරුණුවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර ගිවිසුම මඟින් පරික්ෂණ පැවැත්වීම, නඩු පැවරීම, නඩු විභාග කිරීම සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන නීති කෘත්‍යය ඇතුළු සාපරාධී කරුණුවලදී එකිනෙකාට අන්‍යෝන්‍ය නෛතික සහාය ලබා දීම සඳහා පාර්ශ්වයන්ට විධිවිධාන සැලසේ. ඉහත ගිවිසුම අත්සන් කිරීමට සහ අපරානුමත කිරීම පිණිස අධිකරණ අමාත්‍ය, ගරු රාවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.