• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර සඳහා වන ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර I සහ බෙන්තොට ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- දේශීය බැංකුවලින් සපයනු ලැබූ මූල්‍යමය සහාය ඇතිව රුපියල් බිලියන 10.095 ක පිරිවැයකින් ජලසම්පාදන ව්‍යාපෘති 34 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. පහත සඳහන් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ණය සම්පාදනය කර ගැනීම හා බැංකු ආධාර ලබා ගැනීමට අදාළ කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර සඳහා වන ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර 1 ; සහ

* බෙන්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය