• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 වර්ෂය සඳහා අතිරේක සිසුන් බඳවා ගැනීමට පහසුකම් සැලසීම සඳහා විශ්වවිද්‍යාලවලට යටිතල පහසුකම් සැපයීම

- කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනය සඳහා දේශන ශාලා, කියවීම් ශාලා සහ බහුකාර්ය ශ්‍රවණාගාරය සඳහා මහල් පහකින් (05)යුතු නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇගයීමට ලක් කළ සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් අතරින් අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු වෙත ප්‍රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.