• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය සංවර්ධනය කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය

- මෙම ව්‍යාපෘතියේ අරමුණු වනුයේ මොරටුව විශ්වවිද්‍යාලය තුළ පිහිටුවා ඇති තාක්ෂණික ආයතනයේ සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් අතර පවතින ගැටලු විසඳා ගැනීම හා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් සහිත ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සංවර්ධනය කොට ඊට වැඩි සිසුන් පිරිසක් බඳවා ගත හැකි වන පරිදි එය පුළුල් කිරීමය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් 2015 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලවලට පිවිසීමට අපේක්ෂා කෙරෙන තාක්ෂණ විෂය ධාරාවේ සිසුන්ටද එම පාඨමාලාව සඳහා ඉඩකඩ සලසා දීමට යෝජිතය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙයට අදාළ කටයුතු කර ගෙන යාම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.