• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජරට හා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යා පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට වෛද්‍ය උපකරණ සැපයීම

- රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සම සෞඛ්‍ය පීඨය, නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය, අලුතින් පිහිටුවන ලද පීඨ වන අතර, ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය උපකරණසහ උපාංග සැපයීම මඟින් රටේ වෙනත් ජාතික විශ්වවිද්‍යාල මට්ටමට එකී පීඨයන්හි තත්ත්වය ඉහළ නැංවීමට යෝජිතය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඒ හා බැඳුණු ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.