• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නඟමු පුරවර 2014 - තෙවන අදියර - මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම හා යටිතල පහසුකම් සැපයීම

- මහල් නිවාස යෝජනා ක්‍රම නවීකරණය සඳහා සහ යටිතල පහසුකම් සැපයීම සඳහා රජය විසින් රුපියල් මිලියන 1878 ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත වෙන් කර දී ඇත. ‘නඟමු පුරවර’ වැඩසටහනෙහි තෙවන අදියර යටතේ පහත සඳහන් නිවාස යෝජනා ක්‍රම 12හි නවීකරණ කටයුතු සිදු කිරීමට අ‍පේක්ෂිතය.

* සෝන්ඩර්ස් පෙදෙස නිවාස යෝජනා ක්‍රමය - නිවාස 57
* ඇන්ඩර්සන් නිවාස යෝජනා ක්‍රමය - නිවාස 816
* 117 වත්ත - අඩු ආදායම්ලාභීන් සඳහා වන
ඇල්විටිගල නිවාස යෝජනා ක්‍රමය - නිවාස 32
* කඳවලවත්ත නිවාස යෝජනා ක්‍රමය - නිවාස 72
* මයුර පෙදෙස නිවාස යෝජනා ක්‍රමය
වැල්ලවත්ත - නිවාස 24
* ටොරින්ටන් නව නිවාස යෝජනා ක්‍රමය -
අදියර IV - නිවාස 48
* 797 වත්ත නිවාස යෝජනා ක්‍රමය (අදියර II) - නිවාස 116
* විපුලසේන මාවත නිවාස යෝජනා ක්‍රමය - නිවාස 52 සහ
කඩ සාප්පු සහ කාර්යාල සංකීර්ණය කඩ සාප්පු 20
* මහවත්ත කාණු පද්ධතිය සෑදීම - නිවාස 20
* ශාන්ත අන්තෝනි නිවාස යෝජනා ක්‍රමය- - නිවාස 64
කොල්ලුපිටිය
* මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමය - නිවාස 1122; සහ
* රන්පොකුණගම නිවාස ක්‍රමයේ
මල පිරිපහදු පද්ධතියේ ඉතිරි වැඩ නිම කිරීම - නිවාස 322