• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය (ජී.සී.ඩබ්ලිව්.එම්.පී.) - සැලසුම් සහ අධීක්ෂණ උපදේශක සඳහා සැලසුම් කිරීම්, අධීක්ෂණ සහ කළමනාකරණ උපදේශන සේවා (ඩී.එස්.සී.) කොන්ත්‍රාත්තුව යටතේ අතිරේක වැඩ

- මලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීම මඟින් නාගරික පරිසරය වැඩි දියුණු කිරීමට සහ එමඟින් මහ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මහජන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමටත් මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 116.63 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන සේවා ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කාර්යය සඳහා වන අතිරේක උපදේශක සේවා සැපයීම ප්‍රදානය කිරීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, ගරු ඒ.එල්.එම්.අතාඋල්ලා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.