• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය - පවිත්‍රාගාරය සහ සිවිල් හා යාන්ත්‍රික සහ ඉංජිනේරු වැඩ සඳහා සැලසුම් කොට ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව

- මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ තලාව, තඹුත්තේගම සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරි වයම් 42ක් වෙත ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දී නළ ජල සැපයුම පුළුල් කිරීම සඳහා ය. ඉහත ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.