• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෝ ඇමොක්සික්ලේව් පෙති බීපී මිලි ග්‍රෑම් 625 හෝ ඇමෝක්සිලින් සහ කැල්වියුලනේට් පොටෑසියම් පෙති යූඑස්පී මිලි ග්‍රෑම් 625 ක පෙති 10,000,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පළමුව ඉහත කොන්ත්‍රාත්තුවෙන් 25%ක ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 236,250.00ක මුදලකට සැපයීම එකම ප්‍රතිචාරාත්මක ලංසුකරු වෙත ප්‍රදානය කිරීමටත්, පළමුව සැපයූ ප්‍රමාණයේ සතුටුදායක කාර්යසාධනය මත ඉන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් 708,750.00ක මුදලකට ඉතිරි 75%ක ප්‍රමාණය සැපයීම ප්‍රදානය කිරීමටත් සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.