• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිවිනැඟුම ජාතික සංවර්ධන වැඩසටහන - VI අදියර - 2014 සඳහා එළවළු බීජ සහ පලතුරු පැළ සැපයීම

- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබ ඇති මිල ගණන්වලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළ තවාන්වලින් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික පැළ තවාන්වලින් දිවිනැඟුම ජාතික සංවර්ධන වැඩසටහන සඳහා අවශ්‍ය එළවළු බීජ, පලතුරු පැළ හා අනෙකුත් කෘෂිකර්ම භෝග පැළෑටි මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.