• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියඟයෙන් වගා හානි වූ ගොවීන්ට බිත්තර වී ලබා දීම

- මෙවසර ආරම්භයේ සිට පවතින දිග්ගැස්සුණු නියං තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල භෝග වගාවන් හානියට පත්ව ඇති අතර, මීළඟ මහ කන්නය වෙනුවෙන් වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි බිත්තර වී මිල දී ගැනීමේ දුෂ්කරතාවන්ට ගොවීන් මුහුණ දෙන බව නිරීක්ෂණය වී ඇත. මෙම හිඟයට මුහුණ දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්, බිත්තර වී නිෂ්පාදනය කරන ගොවීන්ගෙන් සහ පෞද්ගලික අංශයේ බීජ නිෂ්පාදකයන්ගෙන් බිත්තර වී මිල දී ගෙන වියදම් පියවා ගැනීමේ පදනම මත නියඟයෙන් පීඩාවට පත් වූ ගොවීන් අතර බෙදා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.