• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය යටතේ දේශගුණ තාක්ෂණ මධ්‍යස්ථානය සහ ජාලය (CTCN) සඳහා ජාතික බලයලත් ආයතනය නම් කිරීම

- ගෝලීය තිරසර සංවර්ධනයට සහ දිළිඳුකම පිටු දැකීමට බාධා පමුණුවන ප්‍රධාන පාරිසරික ගැටලුවක් ලෙස දේශගුණ විපර්යාසය හඳුනා ගෙන ඇත. දේශගුණ විපර්යාසයෙහි බලපෑම්වලට මුහුණ දීම පිණිස තාක්ෂණික ව්‍යාපෘති හා උපාය මාර්ග පිළියෙළ කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැපයීම සහ තාක්ෂණික අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා වන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම මඟින් දේශගුණ තාක්ෂණ මධ්‍යස්ථානය හා ජාලය සංවර්ධනය වෙමින් පවතින රටවලට සේවා සපයා දේශගුණ තාක්ෂණ මධ්‍යස්ථානය සහ ජාලය සඳහා ජාතික බලය ලත් ආයතනය ‍ලෙස පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නම් කිරීම පිණිස පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු ඒ.ඩී.සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.