• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක ජනාවාස දින සැමරුම - 2014

- නාගරික නිවාස හා මානව ජනාවාස සංවර්ධනය හා බැඳුණු ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් ගෝලීය ප්‍රජාවගේ අවධානය යොමු කිරීම අරමුණු කොට ගෙන එක්සත් ජාතීන් විසින් 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳු දිනදී ‘ලෝක ජනාවාස දිනය’ සමරනු ලැබේ. 2014 ඔක්තෝබර් මස 06 වන සඳු දිනට යෙදෙන මෙවසරෙහි ලෝක ජනාවාස දිනයේ තේමාව ලෙස ‘මුඩුක්කුවලින් නැ‍ඟෙන හඬ’ (‘Voices from Slums’) යන්න එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මෙම තේමාව මඟින් නිරූපණය කිරීමට අදහස් කෙරෙනුයේ නාගරික පැල්පත්වල (මුඩුක්කුවල) ජීවත් වන ජනතාවගේ හඬට ඇහුම්කන් දෙමින් සංවර්ධන කාර්යයන් ක්‍රියාවට නැංවීම පිළිබඳවය. කොළඹ නගරයේ සහ දිවයින පුරා ඇති අනෙකුත් නාගරික කලාපවල ජීවත් වන අඩු ආදායම්ලාභීන්ට නිවාස හා ජනාවාස පහසුකම් ලබා දීම සඳහා රජය විසින් ඉහළම ප්‍රමුඛතාව ලබා දෙනු ලැබ ඇත. ලෝක ජනාවාස දිනය සැමරීමට ඉහත තේමාව යටතේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නැංවීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය අදහස් කරයි. ඒ හා බැඳුණු කටයුතු කර ගෙන යාම පිණිස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.