• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ ගිවිසුම

- ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පවතී. 2001 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 11.6ක්ව පැවති රුසියාව වෙත ශ්‍රී ලංකාවෙන් සිදු කෙරුණු අපනයන 2013 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 279.91ක් දක්වා වර්ධනය වී ඇති අතර, එම කාලය තුළදීම ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් සිදු කෙරුණු ආනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 145.85 දක්වා වර්ධනය වී ඇත. වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාව පුළුල් කිරීම පිණිස එකී ක්ෂේත්‍ර පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.