• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලසම්පාදන ව්‍යාපෘති සඳහා චීන සංවර්ධන බැංකුවේ මූල්‍යයනයන්

- පහත සඳහන් ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදලක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ලබා දීමට චීන සංවර්ධන බැංකුව එකඟ වී ඇත.

* කටාන ජලසම්පාදන ව්‍යාපෘතිය;
* තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය; සහ
* මහනුවර උතුර ජලසම්පාදන ව්‍යාපෘතිය.

ණය ලබාගැනීමේ කටයුතුවලට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.