• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ව්‍යාපෘති තුනක් (03) සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පහත ව්‍යාපෘති තුන සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර සඳහා වන ජලසම්පාදන ව්‍යාපෘතිය - III වන පැකේජය - හෝමාගම, පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි බෙදා හැරීමේ ජාලය සඳහා නළ සැපයීම හා ඇතිරීම;

* අවිස්සාවේල්ල සහ කොස්ගම ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය; සහ

* ගලගෙදර සහ මාවතගම ජල යෝජනා ක්‍රමය.