• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආණමඩුව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- යෝජිත ආණමඩුව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය මඟින් පුත්තලම දිස්ත්‍රික්කයේ 81,700ක් පමණ ජනගහනයට සුරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. මෙම ව්‍යාපෘතියට, ඉඟිනිමිටිය ජලාශයේ නව තුළු මඟක් ඉදි කිරීම, අංග සම්පූර්ණ ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීම, කි.මී. 62ක් දිගැති ජලසම්ප්‍රේෂණ ප්‍රධාන නළ ඇතිරීම සහ කි.මී. 328ක් දිගැති බෙදා හැරීමේ පද්ධතිය ඉදි කිරීම හා ඊට අදාළ වැඩද ඇතුළත් වේ. මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අදාළ කටයුතු කරගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.